වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවට තවත් ජයග්‍රහණයක්
වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව නොකඩවා තෙවන වරටත් ජාතික ඵලදායීතා සම්මාන උළෙලේදී දෙපාර්තමේන්තු අංශයෙන් 2018 වර්ෂය සඳහා මුළු දිවයිනේන්ම 2 ස්ථානය හිමිකරගන්නා ලදී. ජයග්‍රහණය කරන ලද ආයතන සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී 2019 මාර්තු මස 26 දින පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (සැලසුම්) එච්.එන්.බී. අභයවර්ධන මයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදී.










