🤝 විපතට පත් ජනතාව වෙනුවෙන් වයඹ පළාත් පාලන පවුලේ මානුෂීය දායකත්වය! 🌍✨
“දිට්වා” සුළි කුණාටු ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාව නැවත නඟා සිටුවීම සහ රට ප්‍රතිසංස්කරණය කිරීම උදෙසා පිහිටුවා ඇති රජයේ විශේෂ අරමුදල වෙත මූල්‍යමය දායකත්වයක් සැපයීමට වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.
ඒ අනුව, වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තු සේවක සුබසාධක සංගමයේ අරමුදලින් වෙන් කරන ලද රුපියල් 150,000.00ක මූල්‍ය පරිත්‍යාගය, අද දින (2025.12.08) වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි.එම්.අයි. ඉලංගකෝන් මහත්මා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
රටට සහ ජනතාවට එල්ල වූ මෙම ස්වභාවික ව්‍යසනය හමුවේ, රාජ්‍ය සේවකයින් ලෙස සමාජීය වගකීම හඳුනාගනිමින් මෙම උදාර පියවර සඳහා දායක වූ සේවක සුබසාධක සංගමයේ සියලුම නිලධාරීන්ට සහ සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ හෘදයාංගම උපහාරය සහ ස්තුතිය පුදකර සිටිමු! 🙏❤️
#HumanitarianAid #DisasterRelief #DitvaRelief #GovernmentService #WayambaProvince #LocalGovernment #WNP #WelfareSociety #SriLanka











