කාර්ය පටිපාටි සංග්‍රහය

පළාත් පාලන ආයතනයන්හි සේවාවන් සැපයීම ඒකාකාරි ක්‍රමයක් යටතේ වඩා ක්‍රමවත්ව සිදුකිරීම පිණිස වන පොදු කාර්යය පටිපාටි සංග්‍රහයක් සකස් කර නොතිබීම නිසාම එක් එක් පළාත් පාලන ආයතන සේවාවන් සැපයීමේදී විවිධ ක්‍රම භාවිතා කිරීම හේතුවෙන් සේවාලාභි මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව නිරීක්ෂණය විය.
එබැවින්, හිටපු වයඹ ගරු ආණ්ඩුකාරවර අධිනීතීඥ රාජා කොල්ලුරේ මැතිතුමා, වත්මන් වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා, වයඹ ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මැතිතුමා සහ වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ආර්.එම්. රත්තානයක මහත්මියගේ මඟපෙන්වීම යටතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලයේ සාමුහික ප්රයත්නයක් ලෙසින් වයඹ පළාත් පාලන ආයතනයන්හි සේවා සම්පාදනයේදී මඟ පෙන්වනු පිණිස වන පොදු “ කාර්යය පටිපාටි සංග්‍රහය – 2021 ”, ආයතන අංශය, ගිණුම් අංශය, ආදායම් අංශය, ප්‍රජා සංවර්ධන අංශය හා කර්මාන්ත අංශය ලෙස වෙළුම් 05කින් යුක්තව 2022 ඔක්තෝබර් 14 වන දින වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ආර්.එම්. රත්තානයක මහත්මියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට හැකි වූ බවත් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළින් පරිශීලනය සඳහා අවශ්‍ය වෙළුම් භාගත කළ හැකි බවත් සතුටින් යුතුව සඳහන් කරමි.
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පළාත් පාලන කොමසාරිස් එච්.එම්.බී.පී. හේරත් මහතා, අයි.එම්.අයි. ඉලංගකෝන් මහතා, නියෝජ්‍ය / සහකාර කොමසාරිස්වරුන්, නියෝජය අධ්යක්ෂ (සැලසුම්), ඉංජිනේරුවරුන්, ගණකාධිකාරි, පරිපාලන නිලධාරි, විමර්ශන නිලධාරීන්, ප්‍රජා සංවර්ධන නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන් ඇතුළු මෙම කටයුත්ත යථාර්ථයක් බවට පත්කරන්නට සහයෝගය දැක්වූ සියලු දෙනා වෙත මාගේ ප්‍රශංසාව පළකරන්නට මෙය අවස්ථාවක් කරගන්නා අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරි, කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් ගාමිණි ගුණසේකර මහතාගේ සම්පත් දායකත්වයත් ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසඳයේ ප්‍රධාන විධායක නිලධාරි හේමන්ති ගුණසේකර මහත්මියගේ අනුග්‍රහයත් මෙම කටයුත්ත පරිපූර්ණ වීම සඳහා හේතු වූ බව සතුටින් සඳහන් කරමි.
(පහත දැක්වෙන දිගු මගින් ඔබට අවශ්‍ය කාර්යය පටිපාටි සහ අදාළ ආකෘති පත්‍ර භාගත කරගත හැක.)















