පළාත් පාලන දෙපාර්තමේන්තුව ජාතික ඵලදායීතා සම්මාන උළෙලදී මේවරත් ඇගයීමට.

2025 වර්ෂය සදහා පැවැත්වු ජාතික ඵලදායීතා සම්මාන තරඟයේ දී දෙපාර්තමේන්තු අංශයෙන් තෙවන ස්ථානය හිමිකරගත් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව අද දින (2026.11.08) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇඟයිමට පාත්‍රවන ලදී.

මෙම ජයග්‍රහනය සඳහා ඇපකපවූ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය ඇගයීමට ලක්කරමින් කෙටි සැමුරුම් උත්සවයක් 2026.11.09 දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අතර එම අවස්ථාව සඳහා වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ඩබ්.එම්.සීකේ. වන්නිනායක මහත්මා ද සහභාගී වන ලදී. එම අවස්ථාවේදී දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා මෙම ජයග්‍රනයට දැක්වී දායකත්වය වෙනුවෙන් ප්‍රසංශා සහතික පිරිනැමීමද සිදුකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *