GIS පුහුණු වැඩසටහන

පළාත් පාලන ආයතනවල දියුණු කළ ප්‍රදේශ GIS තාක්ෂණයෙන් සිතියම් ගත කර ප්‍රකාශයට පත් කිරිම පිළිබඳ පුහුණු වැඩමුලුවක් 2022.09.29 දින පළාත් පාලන දෙපාර්තමේන්තු රැස්වීම් ශාලාවේදී පවත් වන ලදි. මේ සඳහා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් සහභාගී විය. මේ සඳහා සම්පත් දායකත්වය විමර්ශන නිලධාරී සරත් ප්‍රේමචන්ද මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාදෙන ලදී. මෙම අවස්ථාවට පළාත් පාලන කොමසාරිස්තුමා, සහකාර කොමසාරිස්තුමා, සහකාර අධ්‍යක්ෂතුමා (සැලසුම්) ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගීවන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *