Pet බෝතල් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය
වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන සහ පාසල් සමග ක්‍රියාත්මක කිරීමට නියමිත PET බෝතල් ප්‍රතිචක්‍රීය කරණය කිරීමේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021.02.10 දින පැවැත්වුනා. මෙම වැඩසටහනට පළාත් පාලන ආයතනවල ගරු සභාපතිතුමන්ලා, පළාත් පාලන කොමසාරිස්තුමා, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, පළාත් පාලන ආයතනවල ලේකම්තුමන්ලා, පාසල්වල විදුහල්පතිතුමන්ලා ඇතුළු කණ්ඩායමක් සහභාගවී වුනා. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන්නේ සොලිඩැරිඩෑඩ් ආයතනය විසින් වන අතර මෙම වැඩසටහන සඳහා එම ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක තුමාද සහභාගී වුනා.





















