පළාත් පාලන ආයතන සඳහා කාර්ය පටිපාටි සංග්‍රහයක් සකස් කිරීම

පළාත් පාලන ආයතන ප්‍රමිතගත කිරීමේ වැඩසටහන යටතේ වයඹ පළාතේ පළාත් පාලන ආයතන සඳහා පොදු කාර්ය පටිපාටි සංග්‍රහයක් සකස්කිරීමේ වැඩසටහනක් මහනුවර දිගන ඔරුතොට Chalets Eco Lanka Resorts හිදී 2020 අගෝස්තු මස 23, 24 සහ 25 දිනයන් වලදී වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.අයි. ඉලංගකෝන් මහත්මාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා ප්‍රධාන සම්පත් දායකයෙකු වශයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් ගාමිණී ගුණසේකර මහත්මා  සහභාගී විය. ඊට අමතරව වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙන්ම, වයඹ පළාත් පාලන ආයතන ලේකම්වරුන්ද මේ සඳහා දායකත්වය දක්වන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ දායකත්වයෙන් පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *