PET බෝතල් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය
වයඹ පළාත් සභාව හා Solidaridad Network Asia ආයතනය හා සම්බන්ධව PET බෝතල් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, මෙය වයඹ, ඌව, මධ්‍යම යන පළාත් තුනෙහි Give Back Life Project ලෙස ක්‍රියාත්මක වේ. මේ සදහා වයඹ පළාත් සභාව සහ Solidaridad Network Asia ආයතනය අතර අවබෝධතා ගිවිසුමකටද එළඹ ඇති අතර, මෙහි අරමුණ වී ඇත්තේ වයඹ පළාතේ පළාත් පාලන ආයතන බලප්‍රදේශයන්හි පාසල්වල හා නාගරික ප්‍රදේශවල එක්රැස් වන PET බෝතල් ක්‍රමවත්ව එකතු කර ප්‍රතිචක්‍රීකරණ ආයතයකට යොමු කිරීමයි. මේ හරහා පරිසරය සුරක්ෂිතතාවය මෙන්ම ජනතාවට හා පළාත් පාලන ආයතනයට මූල්‍යම වටිනාකමක්ද ලබාදීමට සැලසුම් කර ඇත. ඒ සම්බන්ධයෙන් වයඹ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් පාලන කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් 2020.07.27 වන දින පවත්වන ලදි.



















