ප්‍රජාමූල සංවිධාන හරහා කාන්තාවන් කසල කළමණාකරණයට සම්බන්ධකර ගැනීම.
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් Chrysalis, unops හා එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන යන ආයතනවල දායකත්වයෙන් ප්‍රජාමූල සංවිධාන හරහා කසල කළමනාකරණයට කාන්තාවන් සම්බන්ධ කර ගැනීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් පාලන කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් 2020.07.21 දින පුත්තලම සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේදී පවත්වන ලදි. ඒ සදහා පුත්තලම, හලාවත නගර සභාවල සහ කල්පිටිය, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවල ගරු සභාපතිතුමන්ලා සහ ලෙකම්වරුන් ඇතුලු කාර්යමණ්ඩලය සහභාගි විය.




















