Online ගෙවීම් පහසුකම් ලගදීම වයඹට
වයඹ පළාතේ පළාත් පාලන ආයයතන ගණනාවක් මේවන විටත් තොරතුරු තාක්ෂණය භාවිතාකරමින් ස්වයංක්‍රීය කරණය කරමින් පවතී. මේ ක්‍රියාවලිය සඳහා වයඹ සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශය මගින් සංවර්ධනයකර ඇති CAT 2020 මෘදුකාංගය භාවිතාකර ඇත. මේ යටතේ නුදුරේදී online ගෙවීම් පහසුකම් හදුන්වා දීමට නියමිතය. ඒ අනුව නුදුරු අනාගතයේදී වරිපනම් ගෙවීම් කටයුතු සඳහා තවදුරටත් මහජනතාවට තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් පළාත් පාලන ආයතනය වෙත පැමිණිමේ අවශ්‍යතාවයක් නැත. වෙනස්වන ලෝකය සමග තොරතුරු තාක්ෂණය භාවිතාකරමින් වයඹ පළාතේ පළාත් පාලන ආයතන මහජනතාව වෙත වඩාත් උසස් සේවාවක් ලබාදීමට යන ගමන් මගේ එක් පියවරක් ලෙස මෙය හැදින්විය හැක.










