ලෝක පරිසර දින සැමරුම
2022 ජූනි 05 දිනට යෙදී තිබුණු ලෝක පරිසර දිනය හේතුවෙන් ආයතන කිහිපයක් එකතුව දුම්රිය මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සංවිධානය සඳහා වයඹ පළාත් පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් දායක විය.කුරුණෑගල මහ නගර සභාව, කුරුණෑගල ප්‍රාදේශීය සභාව සහ පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව මෙම වැඩසටහන සඳහා සහභාගීත්වයෙන් සහ පහසුකම් සැපයීමෙන් දායකත්වය දැක්වූවා.






















