ප්‍රභාවී 2020 ප්‍රදර්ශනය

වයඹ පළාතේ පළාත් පාලන ආයතන මඟින් වාර්ෂිකව පවත්වන ප්‍රභාවී ප්‍රදර්ශනය මෙවරත් දංකොටුව ප්‍රජා ශාලා භූමියේදී පැවැත්වුණා. ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර මුසම්මිල් මැතිතුමා සහභාගී වුණා. වයඹ පළාත් පාලන ආයතන මගින් ප්‍රදර්ශන කුටි 33 කට අධික සංඛ්‍යාවක් එක් කර තිබුණා.

ප්‍රදර්ශන කුටි වලට අමතරව ජන ගී ගායනා තරඟ, වීදි නාට්ය, සාහිත්‍ය වැඩසටහන්, කළා රස වින්දන වැඩසහන් ආදී වැඩසටහන් රාශියක් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබුණ අතර ප්‍රදේශයේ පාසල් සහ පෙර පාසල් සිසුන් රාශියක්ද මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වුණා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *